අපි දැන් සෑහෙන දුරකට ඇවිත් ඉන්නේ. හැබැයි සමහර අයට නමි Trade කරනකමි ඉවසිල්ලක් නැතිව ඇති. අපි හදිස්සි වෙන්න හොද නෑ. මමනම් කියන්නේ පොඩිඩක් හෙමිහිට යමු කියලා. මොකද ඒක හොදයි හොද පුහුණුවකුත් අවබෝධයකුත් ලැබෙනම මේ වැඩේ කරන්න හරිම ලේසි. හරි දැන් ඔයාට කලින් අපි ලිපියේදි කළ දෙය මතක ඇති. ඒ විදියට ඔයා Trade කිහිපයකුත් විවෘත කර ගන්න ඇති. ඒවා close කරන්නත් ඇතිනේ නේද. දැන් කොහෝමද Trade එකක් Open කර ගන්නේ කියලා දන්නවනේ. මෙක තමයි Forex Trading කරන්න ඇවිල්ලා ඔයා MT4 එකෙන් කරන මුලිකම හා ප්රධානම දේ. මං කලිනුත් කියලා ඇති අපි Forex ගිණුමක් විවෘත කරගෙන, මෘදුකාංග Download කර ගෙන කරන්නේ ගණුදෙනු කරන එක. එකේ ප්රධානම දේ තමයි මේ Trading. මෙක ඉතින් ඇගට දැනුනම ලේසි වැඩක්. හොදට තේරෙනකම් practice කරන්න. තව ටික දවසක් යනකොට ඔයා පට පට ගාලා Trading Open කරන්න හොද පුහුණුවක් ලබා ගනිවි. දැන් ඔයා පසු ගිය ලිපියෙන් Trading එකක් විවෘත කර ගන්න අපහසු වනු අයට ඔන්න මම පහළින් විඩියෝ එකක් දාලා තියෙනවා ඒක බලන්න පුලුවන් කොහෝමද Trading Open කර ගන්නේ කියලා. අපහසු වුන අයට ඒක ප්රයෝජනවත් වේවි කියලා මම හිතුවා. ඔයා මේ විඩියෝ එකේ මම Trading එකක් විවෘත කර ගන්නා ආකාරය , හා ඒක Close කර ගන්නා ආකාරය තමයි පෙන්නලා තියෙන්නේ. මොකද ඒක තමා අපේ මුල්ම පුහුණු වීම.
දැන් අපහසු වුන අය දැක්කා නේද කොහෝමද ගණුදෙනුවක් විවෘත කර ගන්නේ හා Close කර ගන්නේ කියලා. මෙ විඩියෝ එකේ තියෙන විදියට ඔයාලත් මුලික වශයෙන් Trading 10 ක් 15 ක් open කරලා Close කරාට කමක් නැ. මොකද මේ කරන්නේ අපි පුහුණු වීමක් නිසා. එහේම කරලා Trading එකක් විවෘත කර ගන්න විදිය Close කර ගන්න විදිය හොදින් පුහුණු වෙන්න. කලින් ලිපියේ මම ඔයාට පස්සේ කියාදෙන්නම් කියපුව ටිකක් තිබුනනේ.දැන් ඒවා ගැන කියාදෙන්නම්.
Instant Order / Market Execution (New order window එකේ තියෙන්නේ)
ඔයා දැන් ඔය කලින් දාලා තිබුන විදියට විවෘත කර ගත්තේ Instant එහේමත් නැතිනමි ක්ෂණික Order කියන ඒවා. ඒ කියන්නේ අපි යමි කිසි මිල ගණනකදි එකපාරටම Open කරන ගණුදෙනු. මේවා විවෘත කරාට පස්සේ ආයේ වැඩක් නැ කියලා අයින් කරලා දාන්න බෑ. මොකද ක්ෂණිකවම වැටෙන ගනුදෙනු නිසා මුදලුත් එකපාරටම වෙළද පොළට වැටෙන හින්දා. වැඩක් නැ කියලා අයින් කරලා දැමිමොත් ඉතින් අපේ සල්ලිම තමයි නැති වෙන්නේ. නමුත් අපි මේ විදියට තම ගොඩාක් trade දාන්නේ. දානකොට හොදට හිතල හරියට දාගන්න ඕන. ඔයා දැක්කනේ මුල්‍ය වෙළදපොලේ මිල ගනන් ක්ෂණිකව වෙනස් වෙනවා කියලා. ඉතින් යමි කිසි අවස්ථාවක ඔයාට හිතුනොත් දැන් ක්ෂණිකවම Buy or Sell Order එකක් දාලා Profit ගන්න පුලුවන් කියලා අන්න ඒ වගේ අවස්ථාවලදි ඔයාට මෙම Instant Order හෝ Market Execution පාවිචිචි කරන්න පුලුවන්. මම කලින් ලිපියේ Trading Window එක ගැන පැහැදිලි කරද්දි මම කිවිවා නේද ඒ වින්ඩෝ එකේ තියෙන Account Type කියලා එකක් ගැන. අන්න එතන මුලින්ම තියෙන්නේ මේ Instant Order හෝ Market Execution කියන එක තමයි.
Pending Order
දැන් ඔය Instant Order කියන එකට පහළින්ම තියෙන්නේ මේක තමයි. දැන් ඔයා බලයි ඇයි මේ විදියට දෙකක් තියෙන්නේ කියලා. මම කලින් කිවිවා instant Order තියෙන්නේ ක්ෂණික අවස්ථාවල Open කරන්න. Pending Order ඊට වඩා වෙනස්. මෙ Order ක්රමයේදි අපිට අවස්ථාව ලැබෙනවා කලින් buy Or Sell කළ යුතු මිලක් තීරණය කරන්න. ඒ කියන්නේ මට ඔනි මෙන්න මේ මිලට ආවට පස්සේ buy Trade එකක් open වෙන්න. මෙන්න මේ මිලට ආවට පස්සේ Sell Trade එකක් Open වෙන්න කියලා කලින් තිරණය කරන්න. එහේම තිරණය කරලා අපි ගණුදෙනුවක් විවෘත කරලා තිබිබම ඒ අපි කලින් තිරණය කරපු මිලට වෙළද පොළ මිල ආපු ගමන් ස්වංක්රිවයම අපි Place කරලා තිබිබ Pending Order එක Open වෙනවා. උදාහරණයක් විදියට දැන් වෙළද පොළේ EUR/USD එකක මිල තියෙන්නේ 1.24000 ට කියලා හිතන්න. නමුත් ඔයාට ඔනි මේ මිලට Buy Order එකක් Open කරන්න නෙමේ. ඔයාට ඔනි වෙළදපොළ තව ටිකක් පහළට ආපුවම ඒ කියන්න්නේ 1.23700 ට වගේ ආපුවම buy කරන්න. එතකොට ඔයාට මෙම ක්රමය භාවිතා කරන්න පුලුවන්. මම පහළ දාලා තියෙන ඡායාරෑපය බලන්නකෝ. ඉස්සෙල්ලාම එකේ Account Type එක Pending Order කියලා Change කරලා (අංක 1) Type කියන එකේදි (අංක 2) ඔයා තෝර ගන්න ඔනි දාන Trade එක buy ද Sell කියලා. ඒකට ඔයාට buy Limit / Sell
Limit කියන එකෙන් අදාල එක තෝරගන්න පුලුවන්. ඒ කියන්නේ ඔයාට දාන්න ඔනි buy Trade එකක් නමි Buy Limit කියන එකයි ඔයාට දාන්න ඔනි Sell Trade එකක් නමි Sell Limit කියන එකයි තෝර ගන්න පුලුවන්. ඔය දෙක මාරැ කරලා දාලා හරියන්නේ නැ හරිද ? ඒක හොදින් බලන්න. ඉතින් ඔයාට දාන්න ඔනි මොන Trade එකද කියලා තිරණය කරලා ඒ අවශ්‍ය මිල ලබා දෙන්න ඔනි (අංක 4). ඊට පස්සේ ඒ තිරණය කරපු අගයට අපිට පුලුවන් Order එක දාන්න. ඒ කියන්නේ Place කරන්න. ඒකට Place Order කියන එක කිලික් කලාම හරි (අංක 3) දැන් ඔයාට බලන්න පුලුවන් ආපහු අර Chart එක යටින් අපි මේ දාපු Pending Order එක වැටිලා තියෙන හැටි. (කලින් Instant Order එකේ විස්තර වැටිලා තිබිබ තැනම) හැබැයි ඒක තාම Active Trade එකක් නෙමේ. එහේම වෙන්නේ අපි තිරණය කරපු මිලට තාම වෙළද පොල ඇවිල්ලා නැති නිසයි. ඉතින් අපි තිරණය කරපු මිලට වෙළද පොල ආපුවම තමයි මේ pending Order එක Active වෙලා අර අපි කලින් දාපු Instant Order එකක් විදියට වැඩ කරන්නේ. පහළ මම දාලා තියෙන ඡායාරැපයත් බලන්නකෝ
හොදයි දැන් ඔයාට Pending Order /
Instant Order අතර වෙනස හා ඒවා Open කර ගන්න විදිය පිළිබදව අවබෝධයක් ආවනේ. ඔය Demo ගිණුමි වලින් මේක ටිකක් පුහුණු වුනාට කමක් නැ. මොකද මෙක තමයි ගොඩක් වැදගත් දේ. ඔයාලා Forex Trading පිළිබදව මොනවා ඉගෙන ගත්තත් අවසානයේදි සිදු කරන්නේ මේ Trading කරන එ නිසා මේ සමිබන්ධව හොද අවබෝධයක් ලබා තිබිම අතිශයින්ම වැදගත්.
Take Profit සැකසීම
හොදයි දැන් මම මේක කියාදෙන්නම්. මේක ගොඩක් වැදගත් දෙයක්. හොදට තේරුම් ගන්න. ඔය trade එකක් open කරට පස්සේ මේක කරන්න. ඒක ලේසියි. ඔයාට open කරලා තියන trade එකක් ඉස්ථිර ගානකට ගියාම Auto ම close වෙලා අදාල profit එක ඔයාගේ account එකට දැමෙන්න සලස්වන එකට තමා Take Profit සකසනවා කියල කියන්නේ. දැන් බලමු මේක හදන්නේ කොහොමද කියල. ඔයාට TP (Take profit) ලබා දිය යුතු trade එක උඩ right click කරන්න. දැන් Modify or Delete Order කියන එක click කරන්න. දැන් ඔයාට New order window එක වගේ එකක් ඒවි.
උඩ window එකේ take profit කියන එකට හරියට අගය දාල නිල් පාටට තියන Modify කියන එක click කරන්න. මේ අගයන් හදනකොට පහල කියල තියන දේ හොදට පැහැදිලිව තේරුම් ගන්න.
- buy Trade වලිදි Take Profit එක ගත් මිලට වඩා ඉහළ අගයක් දැමිය යුතු වේ
- Sell Trade වලදි Take Profit ගත් මිලට වඩා පහළ අගයක් දැමිය යුතු වේ
- TP දැමීමේදී අවම $1 ක්වත් ලාබයක් ලැබෙන විදියට හදන්න.
Stop Loss සැකසීම
මෙකත් හරිම ලේසි. මෙකෙන් වෙන්නේ අපි යමි කිසි ගනුදෙනුවක් විවෘත කරාට පස්සේ අනවශ්‍ය විදියට වෙළද පොල අනෙක් පැත්තට යනවනමි භාවිතා කරන්න පුලුවන් අගයක්. වෙළද පොළ අනවශ්‍ය විදියට අනෙක් පැත්ත යනවනමි ඒක අපිට පාඩුවක් නේ. ඒ එන පාඩුව විශාල ප්රමාණයකට යන්නේ නැතිව සුලු අවස්ථාවකින් ඉවර කර ගන්න තමයි මේ Stop Loss කියන එක අපි භාවිතා කරන්නේ. එහේම අපි Stop Loss අගය තිරණය කරලා තිබිබම ස්වංක්රීයවම මේ අනවශ්‍ය විදියට ලැබෙන පාඩු නැතිවෙලා යනවා. මේක සකසන්න පුලුවන් ඉහතින් මම දාලා තියෙන take Profit සකසන විදියටම. ඒ කියන්නේ ඔයා විවෘත කරලා තියෙන්නේ Buy Trade එකක්නමි Stop Loss වෙන්නේ එකට වඩා පහළ අගයක්. ඔයා විවෘත කරලා තියෙන්නේ Sell Trade එකක් නමි Stop Loss අගය වෙන්නේ ඒකට වඩා ඉහළ අගයක්. හැබැයි මේ අගය දාද්දි ඔය විවෘත කරපු මිලත් එක්ක තියෙන පරතරය ටිකක වැඩි වෙන්න ඔනි. ඒ කියන්නේ Pips 40.0 ක 50.0 ක වත් වෙනසක් තියෙන්න ඔනි.
PIPS යනු කුමක්ද ?
මම ඔයාට උඩින් සදහනක් කළා මේ Pips කියන එක ගැන. නමුත් මම පැහැදිලි කලේ් නැනේ ඒ මොකක්ද කියලා. ඔන්න දැන් මම ඒක කියන්න යන්නේ. දැන් ඔයා හොදින් බලන්න Forex Market එකේ මිල ගනන් වෙනස් වන ආකාරය. ඒ කියන්නේ GBP/USD කියන මුදල් කාණ්ඩය ගත්තොත් උදාහරණයක් විදියට 1.58100 , 1.58200 , 1.58300 ආදි විදියටනේ මිල වෙනස් වෙන්නේ. දැන් මේ විදියට වෙළද පොලේ මිල වෙනස් වුනානමි වෙනසක් තියෙනවා ඔයාට පේනවා ඇති. අපි pip එකක් කියන්නේ හතරවෙනි දශම ස්ථානයට. ඒ කියන්නේ ඔය අන්තිම අගයන් වලින් 10.0 න් 10.0 ට වෙනස් වෙළා තියෙනවා පේනවා නේද ? ඕක 10 න් 10 ට නෙමේ යන්නේ 1 න් 1 ට. මම උදාහරණයක් ගත්තේ පැහැදිලි කරන්න. ඉතින් ඔය අන්තිම අගයන් වල සිට සමිපුර්න අගයේම වෙනස් වන ප්රමාණයේ වල එකතුවට තමයි Pips කියලා කියන්නේ. ඔය මම පහතින් දාලා තියෙන්නේ Forex Market එකේ
GBP/USD වල මිල සදහන් වන ආකාරය.
මේක උඩ මම 1 සදහන් කරලා තියන තැන ඉදන් market එක පහල ඇවිත් තියනවා පේනවා නේද. හිතන්නකෝ උදා අගය 1.56835 කියලා.
අපි බලමු pip ගණන් පහලට එනකොට මේ අගය වෙනස් වෙන හැටි.
- pip 10ක් පහලට ආවම = 1.56735
- pip 20ක් පහලට ආවම = 1.56635
- pip 50ක් පහලට ආවම = 1.56335
- pip 50.5ක් පහලට අවම = 1.56330
- (Currency value) [-] හෝ [+] (pip ගාන)*10
- buy trade එකක් නම් TP තැබිය යුත්තේ ගත මිලට වඩා ඉහළින්ය. එහෙනම් 1.23890 ට (pip 35 * 10) එකතු කල යුතුය.
- 1.23890 + 350 = 1.24240
- එහෙනම් TP දැමිය යුතු අගය 1.24240 වේ.
වෙළද පොළ ඉහළ ගියත් පහළ ගියත් ඒ වෙනසට තමයි මේ Pips කියලා කියන්නේ. එතකොට මම ඔයාගෙන් ප්රශ්ණයක් අහනවා මේ සමිපුර්ණ අගය ඇතුතේ ඒ කියන්නේ 1.58000 කියන අගය ඇතුගේ සමිපුර්ණ Pips කීයක් තියෙනවද කියලා. පුලුවන්නමි පිළිතුරක් දෙන්න බලන්න. ඔක ඇතුතේ සමිපුර්ණ Pips 15800.0 ක් තියෙනවා. දශම තිත අයින් කරලා බලන්න අගය හරිද කියලා. හරි නේද ?
හොදයි අදට මෙතනින් ඉවරයි. ඊලග ලිපියේන් අපි තවත් වැදගත් මාතෘකාවක් කථා කරනවා. ප්රශ්ණ තියෙන අය අහන්න. දැන් ඔයා මම පහළ දාලා තියෙන ප්රශ්ණ වලට පිළිතුරැ හොයගන්න පුලුවන්ද කියලා බලන්න.
- නව ගණුදෙනුවක් විවෘත කරගන්න පුලුවන්ද ?
- විවෘත කර ගත් ගණුදෙනුව ක්ෂණිකව Close කර ගන්න පුලුවන්ද ?
- Pending Order එකක් විවෘත කර ගන්න පුලුවන්ද ?
- Take Profit , Stop Loss ගණුදෙනුවකට ඇතුලත් කරන්න පුලුවන්ද ?
- Pips කියන එක පැහැදිලි කරන්න පුලුවන්ද ?
මේ වලට පිළිතුරැ දෙන්න අපහසු අය නැවත නැවත අධ්‍යනය කිරීම වැදගත් කියලා මතක තියා ගන්න. මොකද ඔයා මේ අතගහන්න යන්නේ ඔය Addclik , Data Entry , E-money වගේ කාලේ නාස්ති කරන වැඩකට නෙමේ. මුලු ලොකේම පිළිගත්ත වැදගත් මුදල් ඉපයිමේ ක්‍රමයකට. හොදට සල්ලි හොයන්න ඔනි නමි අධ්‍යනය කිරීම වැදගත්.
ප්‍රශ්න තියනවනම් comment කරන්න.