Welcome

Welcome

SIGN UP NOW...

Worlds No:1 Sport Betting...

05. මෘදුකාංගය ගැන හැදින්වීම හා එහි properties වෙනස් කරගනිමු.

              හොදයි මේක තමා forex වලදී ඔයාට හම්බෙන, වැඩ කරන්න තියන software එක. මේක දැකපු ගමන් සමහර අයටනම් බය හිතෙයි. මුලින්ම කියන්නම් මේක මහලොකු එකක් නෙමෙයි. මේක හරි සරල software එකක්. ඔයාටම තේරෙයි ඉස්සරහට. එක හින්ද ටික ටික තේරුම් අරගන ඉස්සරහට යමු. එතකොට බය නැතිවෙයි. මේකට අපි කියන්නේ Meta Trader 4 කියලා. MT4 කියලත් තියනවා. මේකෙන් තමයි අපි forex trading කරන්නේ. forex trading වල තියෙන්නේ Buy හෝ Sell කරන්න විතරයි. ඉතින් ඒ දේ කරන්න තමයි අපි මේ MT4 එක භාවිතා කරන්නේ. මේ තියෙන්නේ MT4 එක open කරාම photo එකක්.  


          forex ගනුදෙනු කරනකොට අපිට මේ වගේ ප්‍රස්ථාර වලින් තමයි ඒ ඒ මුදල් වර්ගවලට අදාලව ගැනුම් මිල හා විකුණුම් මිල පෙන්නන්නේ. මේකේ තියන ගොඩක් ඒවා අපිට බලල තේරුම්ගන්නයි තියෙන්නේ. එක නිසා මේක දකිනකොටම මේක මහා අමාරු වැඩක් කියල හිතන්න එපා. මේකෙන් අපිට කරන්න තියෙන්නේ Buy කරනවද Sell කරනවද කියල හිතලා Buy හෝ Sell කරන්න විතරයි.  මේකෙ forex trading වලට අදාලව ගොඩාක් හොද tools තියනවා අපිට අපේ profit වැඩිකරගන්න. ඒවා ගැන මම ඉස්සරහට කියාදෙන්නම්. මේකෙන් අපි මුලින්ම ඇත්ත සල්ලි දාල කරන්නේ නැහැ. මේක ගැන තව වැඩිපුර අවබෝධය ගන්න මේ සමාගමෙන් demo account දෙනවා. ඒ කියන්නේ බොරු සල්ලි තියන account එකක් අපිට හදාගන ඇත්ත market එකේ ගනුදෙනු කරලා මේක ගැන තව වැඩිපුර අත්දැකීම් ගන්න පුළුවන්. මෙතැනදී ඔයාට කිසිම අවදානමක් නැහැ. මොකද ඒවා බොරු සල්ලිනේ. 

මේ ගැන තව ගොඩක් ඒවා දැනගන්න තියනවා. ඒවා ගැන අපි ඉස්සරහට කතාකරමු. දැනට මේ ඇති. අපි Forex trading කරන්නේ Meta Trader 4 කියන software එකෙන්. එහෙම නැත්තම් MT4 එකෙන් කියල ඔලුවට දාගන්න. Forex trading කරන්න තියන එකම software එක MT4 එක විතරක් නෙමෙයි. තව ගොඩක් ඒවා තියනවා. ඒවා ගැන වැඩිය හිතන්න යන්න එපා. අපිට කරන්න තියන හොදම විදිය තමා MT4 එක. 

අපට trading කරන්න පහසු ආකාරයට MT4 එකේ Properties වෙනස් කරගමු. 

ඔයා Forex trading broker සමාගමක ගිණුමක් හදාගත්තට පස්සේ මෙතනට ඇවිත් මේක බලාගන settings හදාගන්න. 

එකටම MT4 එකෙන් ඔයාගේ account එකට log වෙන්න. දැන් එන මුල් පිටුවේ තියන chart සේරම මේ විදියට හදාගන්න.


 Right click කරලා properties ගියාම පහල විදියට window එකක් එයි. එකේ තියන විදියට colours වෙනස් කරගන ok කරන්න. ඒ විදියට හැම chart එකක්ම හදාගන්න.


දැන් ඔයාට trading කරන්න තමා තියෙන්නේ. තව මේක ගැන කියන්න තියන දේවල් ඉස්සරහට කියාදෙන්නම්. 

MT4 software එක අපි register වෙන Forex broker company එකෙන් download කරගන්න ඕන. ඔයා ගිණුම open කරගන්න සමාගමට අදාල MT4 එක අපේ website එකේ Our Download වලත් තියනවා. එතනින් හරි download කරගන්න. 

ප්‍රශ්න තියනවනම් comment කරන්න.


No comments:

Post a Comment

Please comment about economic news and forex trading...

Sign Up with RoboFX

sign up here & get $30 for free