හොඳයි දැන් ඔයාට සාමාන්‍ය අවබෝධයක් තියනවනේ Forex ගැන. ඔයාගේ හිතේ දල අදහසක් ඇවිත් තියනවනම් ඒ ඇති. මේකෙන් සල්ලි හොයන්න කැමති අය මේවා හොදට තේරුම්ගන්න උත්සහ කරන්න. එතකොට ඔයාට loss නොවී වැඩේ කරන්න පුළුවන්. හොඳයි දැන් අපි කතාකරන්න යන්නේ forex market එකේ වැදගත්ම දෙයක් ගැන. මේක හොදට දැනගත්තේ නැත්තම් මේක කරන්න බෑ. මේක අලුත් දෙයක් නෙමෙයි හැමෝම දන්නා දෙයක්. විදේශ රටවල භාවිත කරන මුදල් වර්ග ගැන පොඩි හරි අවබෝධයක් තියනවනේ. එත් අපි මේවා ගැන ආයේ මතක් කරගමු.මොකද මේවගේ නම්, සංකේත, ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන.
Forex market එකේ තියෙන්නේ ප්‍රබල ආර්ථිකයන් තියන රටවල් වල භාවිත කරන මුදල් වර්ගයි. මේකේ ප්‍රධානතම ගණුදෙනු මුලාශ්‍රය වෙන්නේ මේ මුදල් වර්ගයි. ඉතින් අපි මේ හැම මුදල් වර්ගයක් ගැනම දැනගන්න ඕන නැහැ. අපිට වඩා වැදගත් ඒවා ගැන ටිකක් අවබෝධයක් ගමු.
එකටම මේකට විශාල බලපෑම් කරන රටවල් ටිකක් ගැන කියන්නම්.
- United States Of America
- United Kingdom
- Europe Countries
- Japan
- Switzerland
- Australia
- New Zealand
- Canada
Country Name | Currency | Forex name | Symbol |
United States Of America | US Doller | USD | $ |
United Kingdom | Pound | GBP | £ |
Europe Countries | Euro | EUR | € |
Japan | Yen | JPY | ¥ |
Switzerland | Swiss Frank | CHF | ₣ |
Australia | Doller | AUD | A$ |
New Zealand | Doller | NZD | N$ |
Canada | Doller | CAD | C$ |
මේක දැක්ක ගමන් බයවෙන්න එපා හොඳද. මේක ටික දවසක් යනකොට ඉබේම මතකෙට ඒවි practice කරද්දී. forex කරනකොට අපිට මේ forex name එක ගොඩක් වැදගත් වෙනවා. එක ගැන තිකක් ඔලුවට දාගන්න.
මේ උඩ තියන එක දිහා බලන්නකෝ. මම මුලින් forex ගැන හැදින්වීමක් කරද්දී ඒ වගේ දාල තියනවා. මතකද? Forex market එකේ ගනුදෙනු දාන්නේ මුදල් වර්ග යුගලයකට(Curruncy pair). උඩ පේනවනේ EUR/USD, මේක තමා යුගලය. එක මුදල් වර්ගයකට සාපේක්ෂව අනිත් මුදල සංසන්දනය කරන එක තමා මේකේ ගනුදෙනු සංකල්පය. වැඩිය ඒ ගැන හිතන්න එපා. අපිට මේ වගේ කැමති මුදල් යුගල පාවිච්චි කරන්න පුළුවන් මේකේ ගනුදෙනු යොදන්න. මේකේ profit ගන්න පුළුවන් හොදම මුදල් යුගල එක්ක තමා අපි ගනුදෙනු යොදන්න ඕන.
මේ මුදල් යුගල(Currency pair) කොටස් 2කට බෙදුවැකි.
- Major currency
- Minor currency
- EUR/USD
- GBP/USD
- AUD/USD
- USD/CAD
- USD/JPY
- USD/CHF
minor වලට අයිති වෙන pair ටිකක් මම පහත දාන්නම්.
- EUR/GBP
- EUR/CHF
- AUD/JPY
- ...
අපි ගනුදෙනු (trading) සඳහා සෑමවිටම භාවිතා කලයුතු මුදල් වර්ග
අපි මේකට එන්නේ කිසියම් මුදලක් හොයන්නනේ. ඉතින් මේකෙ වෙනස්වීම් ගැන පහසුවෙන් දැනගන්න පුළුවන් මුදල් සමග ගනුදෙනු යෙදුවම අපිට profit ලබාගන්න හරිම ලේසියි.මේ market එක වෙනස් වෙන්නේ ඒ ඒ රටවල අර්ථික වෙනස්වීම් මත කියල අපි හැමෝම හොදින් දැනගන්න ඕන. මොකද මේවා සල්ලිනෙ. සල්ලි වල වටිනාකම රැදෙන්නේ රටවල ආර්ථිකය මත. මේ අර්ථික වෙනස්වීම් ලේසියෙන් දැනගන්න පුළුවන් මුදල් වර්ග ටිකක් මම පහතින් දාන්නම්. මේවගේ අර්ථික වෙනස්වීම් දැනගන්න පුළුවන් විදි ගැන මම ඉස්සරහට කියන්නම්. ඔයාල හැමෝම මේ මුදල් සම්බන්ද currency pair එක්ක ගනුදෙනු යොදන්න මුල ඉදලම පුරුදු වෙන්න.
- USD
- EUR
- GBP
- AUD
- JPY
හොඳට තේරුණා නේද. නැත්තම් ආයේ සැරයක් කියවල පොඩි අවබෝධයක් ගන්න. එකෙන් ඉස්සරහට වැඩ කරන්න ලේසියි. අපි ඊලග ලිපියෙන් වැඩිදුර මේ ගැන කතාකරමු.
ප්‍රශ්න තියනවනම් comment කරන්න.