icon
icon
+
Live Chat Offline

Welcome

Welcome

SIGN UP NOW...

Worlds No:1 Sport Betting...

08. FX Trading කිරීමේදී දැනගත යුතු විශේෂ කරුණු - 03
      දැන් ඔයාට ලොකු අවබෝදයක් ලැබිල ඇති මේක ගැන. මේක ගැන ලොකුවට හිතන්න එපා. හිමිට සැහැල්ලුවෙන් ඉගනගන්න. සමහර අයට මොනදේ කිව්වත් හිතේ බය තියනවා. එහෙම ඉන්න එපා. තමන්ගේ විස්වාසයෙන් වැඩ කරන්න. ඔයාට මේක බැරි නැහැ. මේකේ trade open, close කරන එක නෙමෙයි ලොකු වැඩේ. මේ market එක ගමන් කරන දිශාව හදුනාගන්න එක තමයි අපි ලොකුවට හිතන්න ඕන. එක හදුනාගන්න ඉතා විශේෂ ක්‍රම ගැන අපි ඉස්සරහට කතාකරමු. 

අද අපි කියාදෙන්න යන්නේ Forex trader කෙනෙක් දැනගත යුතුම දේවල් කිහිපයක්. මේ දේවල් දැනගැනීම ඉතා විශේෂයි. අපේ ගිණුමේ අවදානම අඩු කරගන්න හැටි මේ දේවල් වලින් තමයි ඔයාට කරගන්න පුළුවන්. එක හින්ද අවබෝධයෙන් මේ ටික තේරුම් ගන්න. මම බොහොම සරලව තමා මේ ලිපි ලියන්නේ. මේවත් තේරෙන්නේ නැතිනම් යේ යේ හරි අහල දැනගන්න. අපිත් එක්ක යන කෙනෙක් loss වෙනවට මම කොහොමත් කැමති නෑ. 

හොදයි ඔයාට දැන් trade එකක් open, close කරන හැටි, ඒ order එකට stop loss, take profit දාන හැටි එහෙම දන්නවනේ. නැත්තම් තව හොදට demo account පුහුණු වෙන්න. අවබෝදයෙන් කරලා තමන්ම තේරුම් ගන්න. මේ දේවල් මතක නැත්තම් ආයේ ඒ ලිපි බලන්න. ඉගනගත්තොත් ඔයාටමයි. අපි දැන් අපේ ගිණුමේ අවදානමට බලපාන කරුණු කීපයක් ගැන කතා කරමු. 

"Lot size" කියන්නේ මොනවද? (Important)

              අපි trade එකක් open කරනකොට තමා මේක අහන්නේ. මේකට අනුව තමා pip එකකට අදාල profit එක තීරණය වෙන්නේ. මේක හින්ද තමා සමහර අය ඉක්මනට දියුණු වෙන්නේ, ඒ වගේම loss වෙන්නෙත්. මේක ඉතාම වැදගත් දෙයක්. මේක හොදට තේරුම් අරගන්න. එකටම මේ මොකක්ද කියල අපි තේරුම් ගමු. 

                     අපි trade එකක් open කරන window එකේ volume කියල එකක් හම්බුනා මතකයි නේද. එකට තම අපි lot size එක කියන්නේ. බලපුවමනම් මේකේ ඇති වැඩේ මොකක්ද කියල හිතෙනවා. trade එකක් open කරද්දී market එක ඉහල හෝ පහල යයිද කියල හිතනවා වගේම මේකත් ඉතාම වැදගත්ම දෙයක්. මොකද trading වලදී වැරදීම් වෙන්න බෑ. අපි දැන් බලමු lot එකක් කියන්නේ කොච්චරක්ද කියල. 

Lot 1 = 100000 (මේක Forex වල සම්මත ඒකකයක්. මේක ගැන ඕනවට වැඩ හිතන්න එපා)
  • GBP/USD lot 1 = 100000
  • EUR/USD lot 1 = 100000
  • USD/JPY lot 1 = 100000
හොදට තේරුම්ගන්න මේක. ඕනෑම currency pair එකක lot එකක් කියන්නේ 100000කට. මේක සම්මත ඒකකයක්. මේක මේ විදියට මතක තියගත්තම ඇති.

මේ lot කියන එකෙත් ග්‍රෑම්, කිලෝග්‍රෑම් වගේ බෙදෙනවා. ඒවා නම්,
  • Standard Lot 1   = 100000
  • Mini Lot 1         = 10000
  • Micro Lot 1       = 1000
  • Nano Lot 1        = 100 
මේ දේවල් ඔයාට forex කරනකොට හම්බෙන්න පුළුවන්. එකයි මේවා ගැන කිව්වේ. මේවත් ඔලුවේ තියාගන්න. 

ඔයාට forex broker ආයතනය අවම lot 0.01 දක්වා යොදවන්න අවස්ථාව ලබා දීල තියනවා. මේක දිල තියෙන්නෙත් අපේ account එකේ risk එක අඩුකරගන්නයි. ඉස්සරහට අපි මේ ගැන කතාකරමු.

හොදයි ඔයාට දැන් මේ ගැන පොඩි අවබෝධයක් තියනවනේ නේද. අපි එහෙනම් දැන් පොඩි ගානක් හදමු. ඔයා buy හෝ sell කරනවා කියන්නේ ඇත්තටම මිලදී ගනිමක්නේ කරන්නේ. අපි මේ ගන්න යන ගාන හොයන්නයි යන්නේ. අපි හිතමු 1.56000දී GBP/USD lot එකක් ගන්න ඕන කියල. ඇත්තටම අපිට කියක් යනවද?

    GBP/USD lot 1 = 100000
1.56000 x 100000 = 156000 (USD 156000ක් යනවා)

1.56000දි අපිට GBP/USD lot එකක් buy හෝ sell කරන්න අපිට USD 156000ක් ඕන වෙනවා. අපේ account එකට මේ තරම් ගානක් අපි ආයෝජනය කරන්නෙත් නැනේ නේද? මේකේ හැටියට අපිට trading කරනවා තිය හිතන්නවත් බෑ නේද? 

බයවෙන්න එපා. මේකට තමා අපි සම්බන්ධ වෙලා ඉන්න broker company එක අපිට Leverage කියන පහසුකම දෙන්නේ. හොදයි අපි දැන් බලමු Leverage කියන්නේ මොකක්ද කියල.



 Leverage කියන්නේ මොනවද ? 


                 දැන් අපි ඉහළින් දැක්ක අපිට Forex Market එකේ Lot 1 ගන්න අතී විශාල මුදලක් වැය වන බව. ඒත් ඔයාලා දන්නවා අපිට පුලුවන් අවම $ 100 ක් වගේ පොඩි ගාණක් දාලත් Trading කරන්න පුලුවන් බව. එහේනමි කොහෝමද ?  මෙන්න මෙ කියන  Leverage  එක නිසා තමයි අපිටත් මෙකේ ගණුදෙනු කරන්න පුලුවන් වෙලා තියෙන්නේ. ඔය Leverage කියන එවා 888:1 , 500:1 , 200:1 , 100:1 , 50:1 ආදි වශයෙන් අපිට Forex Broker ආයතනයන් සපයනවා. සාමාන්යෙයන් හොදම Leverage එක තමයි මේතන තියෙන 500:1 කියන එක. දැන් ඔයාට ප්රශ්ණයන් නේ මොකක්ද මේ කියලා. මේකෙන් කරන්නේ අර විශාලව ගෙවිය යුතු අගය තවත් කුඩා කර දෙනවා. පහත උදාහරණය බලන්නකෝ..



අපි හිතමු ඔයාගේ Leverage 500:1 කියලා. දැන් වෙළද පොලේ GBP/USD තියෙන මිල 1.56000 නමි ඔයාට GBP Lot 1 එකක් ගන්න අවශ් වන USD කීයද

                         

GBP Lot 1 = 100,000
100,000 x 1.56000
USD 156,000 /-

නමුත් මෙ එන USD මුදල් ප්රමාණය 1:500 ආකාරයට Leverage කළ විට 

156,000 බෙදීම 500 = USD 312 යි.   


බලන්නකෝ කොච්චර ගානක් අඩු උනාද. දැන් එක trade එකක් open කරන්න අපිට USD 312ක් යනවා. මේ ගැනත් වැඩි වගේ නේද? මම lot ගැන හදුන්වනකොට කිව්වා broker සමාගම අපිට lot 0.01ක් ආයෝජනය කරන්න දෙනවා කියල. එහෙනම් අපි GBP/USD lot 0.01 ගන්න 1:500 ආකාරයේ ගිණුමකින් කියක් යනවද බලමු.

1:500 ගිණුමකින් lot එකක් ගන්න යන මුදල = USD 312
එහෙනම් 1:500 ගිණුමෙන් lot 0.01 ගන්න යන මුදල = USD 312 බෙදීම 100
එතකොට උත්තරේ = USD 3.12


දැන් පේනවද ඔයාට. අපේ ගිණුමේ $5ක් තිබුනත් trade open කරන්න පුළුවන්. 

මේ විදියට ඕනෑම මුදල් කාණ්ඩයකට යම් අවස්ථාවක buy හෝ sell කිරීමට අපට වැයවෙන ගාන අපිටම හොයාගන්න පුළුවන් දැන්. මේ වගේ එකින් එක ගනම් හදල බලන්න. අවදානම අඩු කරගන්න එක ගැන කල්පනා කරන්න. ඔයාගේ ගිණුමේ අවදානම අඩුයි කියන්නේ ඔයාට profit ගන්න ලේසි වෙනවා. අනික ඔය යොදවන සල්ලි ආරක්ෂකාරියි.

අපි තව එක උදාහරණයක් බලමු.
1.23450දි EUR/USD lot 0.01 ගන්න අපට යන ගාන හොයමු. (1:500 account එකකින්)

             EUR/USD lot 1 = 100000
         1.23450 x 100000 = USD 123450 (lot 1 ගැනීම සදහා යන වියදම)
USD 123450 බෙදීම 500 = USD 246.9 (leverage කල විට වියදම)
   USD 246.9 බෙදීම 100 = USD 24.69 ( lot 0.01 ගැනීම සදහා යන වියදම)
එහෙනම් උත්තරය තමා අපිට $ 24.69ක් යනවා

 මේකට සම්බන්ධ දෙයක් ඊළගට බලමු.  Margin කියන එකත් මේ ඉහත වය වෙන ගානට සමානයි. අපි මේක ගැන දැන් බලමු.



Margin කියන්නේ මොකක්ද? 



                  දැන් මේ කියන්නේ මොකක්ද කියලා බලමු. මං ඉහතින් දාලා තියෙන ඒවා දැන් ඔයාට පැහැදිලි නේ. පැහැදිලි නැතිනමි හොදට අධ්‍යනය කරන්න. ඔය මම පුලුවන් ලේසිම විදියට තමයි ලියලා තියෙන්නේ. එත් තේරෙන්නේ නැත්තම් අපෙන් අහන්න. අපි උදව් කරන්නම්. හරි අපි හිතමු ඔයා දැන් මුලින්ම ඔයාගේ ගිණුමට $ 100 ක් දැමිමා කියලා. හරි ඔයා $ 100 ක් දැමිමනමි දැන් ඔයාට 0.01  Lot Size එකෙන් එක Trade එකක් Open කරන්න සත් වශයෙන්ම USD කීයක් යනවද ? හරි අපි හදලා බලමුකෝ

මුලික ආයෝජනය = $100
Lot Size
එක එක Trading එකක් සදහා = 0.01 (මෙ කියන්නේ Trading Window එකේ volume එකේ   අවම ප්රමාණය)
GBP/USD
වෙළද පොල මිල = 1.56000


දැන් ගාණ හදමු

Lot1=100,000
100,000x1.56000=USD156,000
156,000/500(500:1
නිසා)=USD 312
අපේ Lot Size එක 0.01 නිසා = USD790/100 = USD 3.12යි.


දැන් අපිට 0.01 Lot Size එකෙන් එක Trade එකක් දාන්න USD 3.12 ක් වැය වෙනවා. මෙක ආපහු අපිටම ලැබෙනවා අපි විවෘත කරපු ගණුදෙනුව Close කරාට පස්සේ. කියන්නේ අපි $ 100 ක් දාලා එකෙන් $ 3.12 ක් භාවිතා කරලා Trade එකක් open කළාට පස්සේ මෙක ලාභ පිට හෝ ආලභ පිට Close කරාට පස්සේ අපිට මේ ආයෝජනය නැවත අපේ ගිණුමට ලැබෙනවා. දැන් අපේ මෙ ගනුදෙනුව යෙදෙවිවා කියලා හිතමු. එතකොට උඩ පින්තුරෙ තියෙන ඒවා වෙනස් වෙන්නේ පහත විදියට

Balance = $100
Equity = (Trading
එක Close කරනකමි ඔබ ලබලා තියෙන ලාභය හෝ අලාභය Balance එකේන අඩු කරලා හරි එකතු කරලා හරි පෙන්වන එක)
Margin=$ 3.12 
Free Margin = 100 - 3.12 - (
දැනට තියෙන ලාභය හෝ අලාභය


               
ඉතින් මෙන්න මේක තමයි වැදගත්ම දේ. මේ සියල්ල නැවත හොදින් කියවලා අවබෝධ කර ගන්න අවශ්යයි. මොකද අපි කොචිචර Trade දැමිමත් මේ Free Margin එක අපි මුලිකව යොදවපු මුදලෙන් ( කියන්නේ account balance එක) 50% කට වඩා අඩුවෙන්න හොද නැහැ. ඒක නිසා $ 100 ක් ගිණුමට දාන අය එක Trading එකක් ඉවර වුනාට පස්සේ තමයි තව එකක් දාන්න ඔනි. කියන්නේ එකක් ඇර එකක්. ඔයා Real Account වලට ගියාට පස්සේ මේ උපදේශය අනිවාර්යෙන්ම තදින්ම පිළිපදින්න ඔනි. නැත්නමි Loss Sure. එහෙම ලොස් වෙන්න අකමැති අය ඉන්නවනමි වැඩි මුදලක් Deposit කරන්න ඔනි.  දැන් ඔයාලා නැවත පාරක් මේ ලිපිය හොදින් කියවලා තනියම අවබෝධ කර ගන්න උත්සහ කරන්න ප්‍රශ්න තියෙනවනමි කෙමෙන්ට් කරන්න. මම පිළිතුරැ දෙන්නමි. වගේම මේ ලිපිය බොහෝම වැදගත් එකක්. මෙක හරියට අවබෝධ කර ගෙන Trading වලට ගලපා ගන්න ආකාරය අත්හදා බලන්නකෝ





Special Note :-



  • දැන් ඔන්න Forex Trading  මුලික දේවල් සැහෙන දුරට කියලා දුන්න. මෙ ටික ඔය නිකන් ඉගෙන ගන්න අයට හොදටම ඇති. මේ ගැන හොදට Study කරලා මෙතනින් එහා තියන දේවලුත් හොයන්න Try කරන්න. මේ ගැන නොදන්නා අයටත් කියල දෙන්න. එතකොට ඔයාට මේක ගැන අවබෝධය තව වැඩි වෙයි. Forex Market එක ගැන පුළුවන් තරම් හොයන්න. අනිවාර්යෙන්ම ඔයාට මේකෙන් හොදට දියුණු වෙන්න පුළුවන්. මේ දේවල් වලින් කව්රුහරි හොදට දියුණු වෙනවනම් එක තම අපේ සතුට. ඉතින් ඔයත් මේ දේට කැමති නම් මේක පටන්ගන්න. ඔයාට අපි උදව්වට ඉන්නවා. 

ප්‍රශ්න තියනවනම් comment කරන්න.

Sign Up with RoboFX

sign up here & get $30 for free