icon
icon
+
Live Chat Offline

Welcome

Welcome

SIGN UP NOW...

Worlds No:1 Sport Betting...

06. Forex Trading කිරීමට ප්‍රථම දැනගත යුතු විශේෂ කරුණු - 01

          අපි අද ගිණුදෙනු කරන ආකාරය පටන්ගන්න යන්නේ. මෙතන ඉදන් ඉදිරියට යන සියලුම ලිපි ඔක්කෝම ගණුදෙනු MT4  ආශ්‍රයෙන් කරන්න තියන ඒවා තමයි ලියන්නේ. අනික තමයි දැන් ඔයාලා මෘදුකාංගයත් download කර ගත්තානේ. දැන් ඉතින් වැඩ පටන් ගන්න පුලුවන්.


             හොදයි දැන් මම ප්‍රථමයෙන් MT4 හි ඔයාට වැදගත් වන විශේෂ දෙවල් ටිකක් පැහැදිලි කරලා දෙන්නමි. කියන්නේ අපි Trade යොදන කොට අපට අත්‍යාවශ්‍ය වන දෙවල්. මේවා හරියට අවබෝධයට ගත්තනමි Trading කරන්න හරිම ලේසියි. ඔය මම පහතින් දාලා තියෙන්නේ MT4 එකේ ඡායාරෑපයක්. ඔයත් MT4 එක open කරගන්න.



දැන් ඔය දාලා තියෙන පින්තුරය ඔයා හොදට අධ්‍යනය කරන්න ඔනි. අවබෝධය වැඩි වන තරමට trading හරි ලේසි වෙනවා. ඔය වමි පැත්තේ අයිනෙන්ම තියෙන්නේ මුදල් වර්ග වල මිල ඉහළ පහළ යෑම පෙන්වන market watch කියන එක. හොයා ගත්තා නේද ?  මෙක අපිට වැදගත් වන්නේ Currency ගොඩක මිල ඉහළ පහළ යෑම එකම තැන පෙන්වන නිසා. ඔය ඒකටම යටින් තියෙන්නේ ඔයාගේ ගිණුමි විස්තර , MT4 වල  advance මටිටමින් භාවිතා වන Indicator , Technical Analysis ආදිය. ඒවනමි දැන්ම ඔයාට අවශ්‍ය නෑ. ඉතින් ඔය මැදින්ම තියෙන්නේ EUR/USD කියන මුදල් වර්ගයට අදාලව Market එක ගමන් ගත්ත ආකාරය පෙන්වන Chart එක. පේනවා නේද ඒක එක් වෙළාවල් වලදි Market එක ඉහළ පහළ ගිහිල්ලා තියෙන ආකාරය. අමතක කරන්න එපා මේක සෑම තත්පරයක් පාසාම නිරන්තරයෙන් වෙනස් වෙනවා. එකත් ටිකක් එයාට මෙහාට කරලා බලන්නකෝ... මේ Chart එකට උඩින් තියෙනවා නේද  M1 , M2  , M15 , M30 , H1 , H2 ..... කියලා එකක්. මේ මොකක්ද මේ? මේකෙන් කරන්නේ මේ Chart එකේ පෙන්වන කාලසීමාවන් වෙනස් කරලා පෙන්වන එක. ඒකියන්නේ අපිට ඔනි නමි දිර්ඝ කාලයක් තුල වෙළද පොලේ් සිද්දු වුනු වෙනස බලාගන්න කැමති Chart එකක උඩින් තියන ඔය ඉස්සෙල්ලා කිවිව විදියේ එවයින් H4 , MN   වගේ එකක් තෝරා ගන්න පුලුවන්. වගේ එකක් කිලික් කළාම අවුරැදු ගාණක වෙළද පොලේ සිදුවුනු වෙනස් වීම Chart එකෙ පෙන්වනවා. මෙතනදි M කියලා කියන්නේ විනාඩි වලට, H කියන්නේ පැය වලට, MN කියන්නේ මාසයකට. තේරැනාද? හැබැයි අපි Trading කරන කොට මෙ වගේ විශාල කාලසීමාවන් දාගන්න හොද නැ. එතකොට හොදම කාලසීමාව M5 / M15 යි. ඒක නිසා ඒකට මාරැ කරලා තියාගන්න



දැන් ඔය Chart එකට පහළින්ම තියෙන කොටසෙන් පෙන්වන්නේ අපි විසින් යමි කිසි  Trade එකක් Open කළාම විස්තර වැටෙන තැන. ඔයාට ඒක බලාගන්න පුලුවන් Trade එකක් Open කරාට පස්සේම. මෙ MT4 ඇත්තටම හරිම ලේසි. ඔය ලොකු මෘදුකාංගයක් වගේ පෙනුනට හරිම සරල දේවල් ටිකක් තමයි අවබෝධ කර ගන්න තියෙන්නේ.. හැබැයි මං මෙ සරලයි කියලා කියන්නේ මෘදුකාංගයට විතරයි. දැන් ඉතින් ඔයාට කරන්න තියෙන්න ටිකක් මේ මෘදුකාංගය අධ්‍යනය කරන එක. Trade දාන හැටි හොදට practice වෙන්න. මම පහලින් කියාදෙන්නම්.



Trade එකක් open කරන්නේ කොහොමද?

           හොදයි අපි ප්‍රථම අවස්ථාව වශයෙන් MT4 හරහා ගණුදෙනුවක් Open කරන්නේ කොහෝමද කියලා මුලින්ම බලමු. දැන් ඉතින් ඔය ඔකේ තියෙන ඔක්කෝම දිහා බලාගෙන මගෙන් අහන්න එපා මේක මොකක්ද? මෙකෙන් වෙන්නේ මොකක්ද කියලා. මොකද අපිට අවශ්‍ය දේ පමණයි අපි දැන ගන්න ඔනි. ඔය තියෙන ඔක්කෝම දැන ගත්තා කියලා ඇති වැඩක් නෑ. ප්‍රෙයා්ජනයකුත් නෑ. ඒක නිසා අවශ්‍ය තැන් වලට අවශ්‍ය කරන දේ පමණක් මම පෙන්වලා දෙන්නම්. දැන් ඉතින් අපි ආවේ Trading කරන ආකාරය බලන්නනේ. හොදයි අපි ගැන බලමු.

           ඔය Trading කියන එක තමයි අපිට මේ MT4  වල වැදගත්ම දේ. මොකද අපි Forex භාවිතා කරන්න ඇවිල්ලා MT4 එකත් Download කරගෙන MT4 එකේ ලස්සන බල බල ඉන්න නෙමෙයිනේ ආවේ. නේද ? අපි ආවේ Trading කරන්න. ඒක නිසා ඔයාලා මේකේ ඉගෙන ගන්න ඔනි ප්‍රධානම දේ Trade හසුරවන ආකාරයයි. අපි බලමු පිළිවෙළට Trade එකක් Open කරන්නේ කියලා.


Trading Window

                  මේ කියන්නේ අපිට Trade එකක් විවෘත කර ගන්න අවශ්‍ය වන Window එක. මෙකෙන් තමයි අපි ගණුදෙනු විවෘත කර ගන්නේ Close කරන්නේ , modify වැනි හැම දෙයක්ම කරන්නේ. ඔය මම පහතින් දාලා තියෙන්නේ එකේ screen shot එකක්

 දැන් ඔයා බලනවා ඇති මෙක  කොහෙන්ද මේ එකපාරටම ආවේ කියලා. බය වෙන්න එපා මේක විවෘත කර ගන්න හරිම ලේසි. දැන් ඔයාගේ MT4 එක Open කර ගන්නකෝ. හැබැයි ඔයාගේ Internet Connection එක Connect කරලා. නැතිනමි ලෝඩි වෙන්නේ නැ. හරිද? දැන් ඔයාට මේ Trading Window එක ගන්න ක්රම හතරක් භාවිතා කරන්න පුලුවන්. හරිම ලේසි මම කියන විදියට කරලා බලන්නකෝ මේක open වෙනවද කියලා. ඔය මම පහත දාලා තියෙන්නේ මේක විවෘත කර ගන්න විදිය. අපි හිතමු අපිට විවෘත කර ගන්න අවශ් EUR/USD Trading Window එකක් කියලා. පහත ආකාරයන් ඔයත් කරලා බලන්න. තනියම කරන්න. මොකද උත්සහය ගොඩක් වැදගත් නිසා.



  • EUR/USD Chat එකේ  Right Click කරලා Trading > New Order  
  • Chart එක මත Click කරලා Keyboard එකේ F9  කිලික් කරත් මේක ගන්න පුලුවන් 
  • එහේම තැනිනමි අර Market Watch කියලා Chart එකට දකුණු පැත්තෙන් තියෙනවා නේද එකක්. ඒකේ ඔයාට ගන්න ඔනි වන EUR/USD කියන එක Double Click කරත් මේ Window එකම විවෘත වෙනවා.  
  • එහේමත් නැතිනමි Chart එකට උඩින් බලාගෙන ගියාම New Order කියලා එකක් ඔයාට පේනවා ඇති. අන්න ඒක කිලික් කරත් මේ වින්ඩෝ එකම විවෘත වෙනවා.



           හරි දැන් ඔයාටත් ප්රශ්ණයක් නැතිව Trading Window එක විවෘත කර ගන්න පුලුවන් නේ. ගැටලුවක් ආවානමි මගෙන් අහන්න. උත්තර දෙන්නම්. හරි දැන් ඊට පස්සේ මොකද කරන්නේ. හොදින් මතක තියා ගන්න. Trading කරන්න ඔය හැම මුදල් වර්ගයක්ම භාවිතා කරලා වැඩක් නැ. අපි එක් මුදල් වර්ගයක් හෝ දෙකක් තමයි විශේෂයෙන් භාවිතා කරන්නේ. මමනමි ගොඩක් භාවිතා කරන්නේ GBP/USD, EUR/USD, USD/JPY කියන එකයි , AUD/USD කියන එකයි විතරයි. හැම එකක් පස්සේම ගියාම අන්තිමට එකක්වත් නැති වෙනවා කියලා කථාවක් තියෙනවනේ. එකේ නිසා පුලුවන්නමි එකක් පස්සේ විතරක් යන්න උත්සහ කරන්න. බැරිමනමි දෙකක් පස්සේ ගියාට කමක් නැ. හැබැයි ඒක හරි අවදානමි. ඔයා කැමති විදියට මේවා එක්ක වැඩ කරන්න.

               හරි දැන් ආපහු window එකට යමුකෝ. මේකේ තියන ඒවා මම විස්තර කරලා කියන්නම් හොදට තේරුම් ගන්න හොදද.
  • Symbol - මේ කියන්නේ මුදල් වර්ගයන් වලට. ඔයා තියෙනවනේ GBP/USD , EUR/USD , AUD/USD  ආදි වශයෙන් අන්න එවට තමයි මේ කියන්නේ. ඉතින් ගණුදෙනුවක් විවෘත කරන කොට පොඩිඩක් බලන්න. ඔයාට ඔනි මුදල් වර්ගයද මෙතන සදහන් වෙලා තියෙන්නේ කියලා
  • Volume - ඔය ඔයාලා ගිණුමට දාන මුදලින් භාවිතා කරන ප්රමාණය තමයි මෙතන සංඛ්යාත්මකව පෙන්වන්නේ. සරල උදාහරණයක් විදියට ඔයාලා කොටස් වෙළද පොළට මුලික ආයෝජනය ලක්ෂ 10 ක් දැමිමනමි එක පාරම සේරම දාලා කොටස් ගන්න යන්නේ නැනේ. එකෙන් ටිකයි නේද භාවිතා කරන්නේ. ලක්ෂයක් වගේ. අන්න විදියට තමයි මෙතනත් . ඔයාලා මේ ගිණුමට $ 100 දාලා එකෙන් කීයක්ද භාවිතා කරන්නේ කියලා. දැන් ඔයාලා භාවිතා කරන්නේ Demo ගිණුමක් නිසා ඔකේ අවමයටම පෙන්වන්නේ 0.1 කියන ප්රමාණය විතරයි. ඔයා සත් ගිණුමකට ගියාම ඔක 0.01 වෙනවා. මතක තියා ගන්න සත් ගිණුමකදි කවදාවත් 0.01 වඩා භාවිතා කරන්න එපා ඔයාගේ ගිණුමේ මුදල් ප්රමාණය $ 500 අඩුනමි. ඇයි කියලා මම ඉස්සරහදි කියලා දෙන්නමි. දැනට මේක මතක තියා ගන්න. කියන්නේ අපි භාවිතා කරන්නේ අවම ප්රමාණය විතරයි කියන එක

  •  Stop Loss - දැනට අවශ් නැ. පස්සේ කියන්නමි. 

  •  Take Profit - අවශ් නැ පස්සේ කියන්නමි

  •  Type - Instant තියන්න. අනිකෙන් වෙන්නේ මොකක්ද කියලා මම පස්සේ කියන්නමි

  •  Buy Or Sell - ඔයාට පේනවනේ ඔය දෙපැත්තෙන් මෙ දෙකක් තියනවා. දැනට ඔකෙන් කෝක කිලික් කලත් කමක් නැ. එතනදි අපෙන් අහන්නේ ඔයාට විවෘත කර ගන්න ඔනි Buy Trade එකක්ද Sell Trade එකක්ද කියලා. මතකයි නේද මම කලින් කිවිවා. මොකක්ද මේකේ වෙනස කියලා.  ඉතන් ඔයා මේ දෙකෙන් මොකක්ද කියලා තිරණය කරන් ඔනි එවලේ වෙළද පොලේ තියන හැසිරිම අනුවයි

     හරි දැන් අවබෝධයක් ආවනේ. අදට ඔය ටික ඇති. මම දැන් ඔයාට පොඩි වැඩක් දෙනවා කරන්න. demo account කරන කට්ටියට හොදේ. real trading කරන කෙනෙක්නම් පරිස්සමින් trade දාන්න. ඊලග ලිපිය ඉක්මනටම දාන්නම්. හරි demo කරන අය මේක කරන්න ආපහු ඔයා Mt4 එක Close කරලා විවෘත කර ගන්න. දැන් ඔයා මම කියපු විදියට Buy හරි Sell හරි Trade 10 ක් විතර විවෘත කරන්න. මොනවා වුනත් කමක් නැ. මොකද මේ Demo ගිණමක් නේ. ඒක තියෙන්නේ අපිට පුරැදු වෙන්න නිසා  මේ ටික කරලා හොද පුහුණුවක් ගන්න ඔයාට පුලුවන්. එහෙම Trade 10 ක් විතර විවෘත කරලා මම පහල කියලා තියන විදියට කරන්න. හැබැයි Trading 10 එකම වෙලාවේ විවෘත කරන්න එපා. විටින් විට විවෘත කරන්න. දැන් එකක් හරි දෙකක් හරි විවෘත කරානමි මම පහළ දාලා තියන Screen shot එක බලාගෙන් විදියට කරන්න. පෙන්නේ නැති අයට මේ පින්තුරය උඩ කිලික් කළාම ඒක ලොකු කරලා බලන්න පුලුවන්.


        මෙක තමයි ඔයාලා ගණුදෙනුවක් විවෘත කරපුවම ඔයාගේ MT4 එකේ පහළින්ම වැටෙන්නේ විවෘත කරලා තියෙන ගණුදෙනු වල විස්තර. දැන් ඔයා වැඩක් කරන් ඔනි. ඔය විවෘත කරපු කරපු ගණුදෙනු වල ඔය මං දාලා තියන අන්තිම පින්තුරයේ පෙන්වනවා වගේ එකේ දකුණු පැත්තේ අයිනේම Profit කියලා එකක් ඇති. හැම ගණුදෙනුවක්ම එහා මෙහා යන්කොට ඒක - අගයකින් හරි + අගයකින් හරි පෙන්වනවා එතන තියෙන අගය වෙන්ස වෙනවා. + අගයකින් පෙන්වනකොට මොන ලකුණක්වත් නැතිව නිකන් තමයි වැටෙන්නේ. දැන් ඔයා පුලුවන් විදියට අගය දිහා බලාගෙන ඉදලා ඒක සෘණ නැතිව ධන අගයකට ආවම  Price කියන කොටසේ ධන අගය ආව Trade එකට ආදාල අගය ඉස්සරහා Double Click කරන්න. එතකොට ඔයාට තවත් වින්ඩෝ එකක විවෘත වෙයි. අර ධන වෙලා තියෙන අගය සෘණ වෙන්න කලින් මේ විවෘත වුනු වින්ඩෝ එකේ යටම  තියනවා Close කියලා කහපාට වුනු Button එකක්.  ඒක කිලික් කරන්න. ඔනි. ඉතින් ඔයා මේ මං කියපු විදියට කරන්නකෝ කිහිප වතාවක්. මේ යන්නේ පුහුණුවක් නිසා පියවරෙන් පියවර මං කියලා දෙන්නමි මොකක්ද කරන්න ඔනි කියලා. දැනට අවබෝධයක් නැති වුනාට කමක් නැ. මං කියපු එක කරලා ඉන්නකෝ. වැඩි දුර ඊළග ලිපියෙන් කථාකරමු. ඉක්මනටම ඊලග ලිපියත් දාන්නම්. 



ප්‍රශ්න තියනවනම් comment කරන්න.



Sign Up with RoboFX

sign up here & get $30 for free