Welcome

Welcome

SIGN UP NOW...

Worlds No:1 Sport Betting...

03. මේකෙන් සල්ලි හොයන්නේ කොහොමද?


     අපි දැන් බලමු මේකෙන් සල්ලි හොයන්නේ කොහොමද කියලා. ඕනවට වඩා හිතන්න යන්න එපා. අපි දැන් මේක සරලව තේරුම්ගන්න විතරයි ඕන. හොඳයි අපි පටන්ගමු. ඔය දන්නවනේද අපේ රටෙත් තියනවනේ විදේශ මුදල් හුවමාරු කරන තැන්. අපේ රටේ බැංකු හැම එකකම වගේ මේක කරනවනේ.  ඉත්න් මේ forex කියන්නේ මුදල් වර්ග හුවමාරුවට. මම කලින් ලිපියෙත් කිවුවනේ. ඉතින් මේකෙන් සල්ලි හොයන්නේ කොහොමද කියල දැන් ඔයා හිතනවා ඇති. හොඳයි අපි බලමු. වැල්වටාරම් නැතිව මම මේක පැහැදිලි කරන්නම්. 

          අපි මුදල් වර්ග දෙකක් ගමුකො එකටම. උදා photo එකේ දාල තියන දෙක ගමු. Euro සහ US doller හොඳද.(මම රුපියල් ගත්තේ නැත්තේ මේ market එකේ රුපියල් නැති හින්ද) Euro වල සම්මත සංකේතය EUR හොඳද, US doller වල USD හොඳද. මේවා ගැන පස්සේ මම කියල දෙනවා. මේ මුදල් වර්ග දෙක භාවිත කරලා ලාභ ගන්න හැටි බලමු. ඔයා දන්නවද මේ වගේ මුදල් යුගලයක් ගත්තම මේකට තියනවා හුවමාරුවීමේ මුදල් වර්ග දෙකක්(currency pair) කියල. මේකට තියනවා ගැනුම් මිල(Buy price) හා විකුණුම් මිල(Sell price) කියල වර්ග දෙකක්. ඔයාට ඇහිලත් ඇති මේවා.



හොදයි අපි හිතමු මේ වෙලේ EUR/USD (අපි currency pair එකක් ලියන්නේ මෙහෙමයි) වල ගැනුම් මිල (Bid/Buy price) 1.2668 හා විකුණුම් මිල (Ask/Sell price) 1.2670 යි කියමුකෝ.

මේක හොදට තේරුම් ගන්න. මෙතන ගැනුම් මිල කියන්නේ EUR එකක් ගන්න ඕන USD ගාන. ඉතින් කව්රුහරි EUR එකක් විකුණන මිලටනේ අපිට ගන්න පුළුවන්. එහෙනම් EUR එකක් ගන්න ඔයාට USD 1.2670ක් ඕන.

විකුණුම් මිල කියන්නේ EUR එකක් විකුනන්න පුළුවන් ගාන. කව්රුහරි ගන්න ගානටනේ අපිට එක විකුනන්න පුළුවන්. ඒ කියන්නේ EUR එකක් විකුනුවොත් ඔයාට USD 1.2668ක් ලැබෙනවා.  මේක ඔලුවේ තියාගන්න. පටලවගන්න එපා.

ඔයා මේ වෙලේ EUR/USD එකක් ගත්ත කියමුකෝ.(Buy trade එකක් දානවා කියමුකෝ)  ඒ කියන්නේ ඔය ගත්ත ගාන 1.2670යිනෙ. ඔන්න ටික වෙලාවකට පස්සේ මේ ගණන් වෙනස් වෙනවා දැන් EUR/USD වල ගැනුම් මිල(Buy price) 1.2678යි. විකුණුම් මිල(Sell price) 1.2680යි. හොඳයි ඔයාට ලාභයක් ගන්න නම් ගත්ත එක විකුනන්න ඕනනේ. ඔයාට දැන් විකුනන්න පුළුවන් ගාන දන්නවනේ. කව්රුහරි ගන්න ගානටනේ විකුනන්න පුළුවන්. මෙතන දැන් විකුනන්න පුළුවන් 1.2678ට නේද?  හොදයි දැන් ඔයා මේක විකුනුවම ලාභය කීයද කියල බලමුද? ලාභය හොයන හැටි හැමෝම දන්නවනේ.

(විකුනපු මිල - ගත්ත මිල = ලාභය) එහෙනම්,
1.2678 - 1.2670 = 0.0008  (අපොයි මේ මොකක්ද මේ ගාන) 

මේ හතරවෙනි දශම ස්ථානයට අපි කියනවා pip එකක් කියල. එක forex වල සම්මත ඒකකයක් කියල දැනගන්නකො. අපිට ඒ ගානට දශම ස්ථාන අදාල නැහැ. අපි forex වලදී මේ මිල වෙනස්වීම් pip වලින් තමා කතාකරන්නේ. එහෙනම් ලාභය pip 8යි. මේ pip එකක ගාන doller වලින් කීයද? එක අපි ඉස්සරහට කතා කරමු. මේකෙදි ඔයාට ලබෙන්න පුළුවන් අවම ලාභය doller 0.80යි( රුපියල් වලින් නම් 100ක් විතර). අපි ගනුදෙනුව යොදන ප්‍රමාණය අනුව මේ ලාභය වැඩි වෙනවා. මේ වගේ ලාභයක් ගන්න ඔයාට විනාඩි 5ක්වත් යන නෑ. මොකද මේ market එක ඉක්මනට වෙනස් වෙනවා. හැම තත්පරයකදීම වෙනස් වෙනවා. ඉතින් මෙහෙම වෙනස් වෙනකොට අපිට ලාභ ගන්න හරිම ලේසියි. ඔයාට කැමතිනම් සල්ලි අරගන විකුණලා ලාභ ගන්න පුළුවන්. නැත්තම් මුලින් කාටහරි විකුණලා ඊටපස්සේ අරගන ලාභ ගන්නත් පුළුවන්.

ඔයාට මේකෙන් දවසකට doller 5කට(රුපියල් වලින් නම් 650ක් විතර) වඩා අනිවාර්යෙන් හොයාගන්න පුළුවන්. එන්න එකතුවෙලා වැඩ කරමු.

ඔයාට මේකේ ලාභ හම්බෙන හැටි ටිකක් තේරෙන්න ඇති නේද? හොඳයි ටිකක් තේරුණා නම් ඇති. මේක ඉස්සරහට යනකොට හොඳටම තේරේවි. 

තේරුනේ නැත්තම් comment කරන්න. වෙන වැල්වටාරම් ගැන නොකිය කෙලින්ම forex වල වෙන දේ තමා මම ඔයාට මේ පැහැදිලි කෙරුවේ.


No comments:

Post a Comment

Please comment about economic news and forex trading...

Sign Up with RoboFX

sign up here & get $30 for free